2020 වර්ෂයේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කම්බිකොටුවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට අදාළව සැකකරුවන් තිදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
මෙම අපරාධයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (03) රාත්‍රීයේ, මීතොටමුල්ල රේල් පාර අසලදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13 මිලිග්‍රෑම් 10 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මරණකරු අවුරුදු 34 ක් වූ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.













