ට්‍රාන්ස්ෆෝමරයෙන් තඹ කම්බි සොරකම් කරන්න පැමිණි අයෙක්ට ජීවිතය අහිමි වෙයි

කොච්චිකඩේ නගර සභා ක්‍රීඩාංගණය අසළ ට්‍රාන්ස්ෆෝමරයක ඇති තඹ කම්බි සොරකම් කිරීමට උත්සහ දැරූ අයෙක්, එම ට්‍රාන්ස්ෆෝමරයෙන් ඇදවැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (03) පෙරවරු 05ට පමණ මෙම සිදුවීම සිදුව ඇති බවයි කොච්චිකඩේ පොලිසිය සැක කරන්නේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති අතර කොච්චිකඩේ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
8
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted