වෙසක් දිනවලදී දකුණේ අරක්කු විකුණූ පුද්ගලයන් 25 දෙනෙක්ට වැඩ වරදී

වෙසක් පොහොය දිනයන්හි අහංගම, හික්කඩුව, හිරිකැටිය හා මිරිස්ස යන ප්‍රදේශවල සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම්වලදි නීති විරෝධි ලෙස මත්පැන් ජාවාරමේ නිරත සැකකරුවන් 25 දෙනෙක් සමගින් රුපියල් ලක්ෂ දෙකක් වටිනා මත්පැන් තොගයක් දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙවර වෙසක් උත්සවයට සමගාමීව දිවයින පුරා සියළුම සුරාසල් 30, 31 දින වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා නියෝග කොට තිබියදී මේ අයුරින් නීති විරෝධීව කටයුතු කරන ස්ථාන රැසක් පිළිබඳව තොරතුරු ලැබීමෙන් අනතුරුව වැටලීම් සිදු කෙරුණා.

ඒ අනුව වෙසක් පොහෝදින සිදු කල මෙම සෝදිසි මෙහෙයුමේදි නීති විරෝධී මත්පැන් අලෙවි කිරිමට සුදානම් කරමින් සිටි සැකකරුවන් 8 දෙනෙක්ද, බලපත්‍ර නොමැතිව රජයේ අරක්කු විකුණු ආපනශාලා 17 කොටුකර ගැනීමට හැකිවි තිබෙනවා.

සැකකරුවන් 25 දෙනාට සුරාබදු ඇපමත මුදාහැර ඇති අතර ඉදිරියේදි මාතර, ගාල්ල හා බලපිටිය යන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සම්බුදු තෙමගුල් වෙසක් කළාපයක් මුවාවෙන් මාතර හිරිකැටිය සංචාරක කළාපයේ වෙරළාසන්න ආපනශාලාවක තරුණ තරුණියන් පිරිසක් සහභාගී වූ සමාජ සාදයක් වටලා එහි මත්පැන් අලෙවි කරමින් සිටි 40 හැවිරිදි කළමනාකරු විදේශීය රටක නිෂ්පාදනය කළ මත්පැන් තොගයක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
00:00
Video thumbnail
නාමල්ව හිරේ දාලා චූන් ගන්න එන්න එපා - අපි සෙනඟ පිටින් එනවා
03:25
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි..සිරුර දැක්ක මිනිස්සු හඬා වැටෙයි
01:14
Video thumbnail
රනිල් නැවත පාර්ලිමේන්තුවට..?
02:46
Video thumbnail
ඇමතිවරු දැන් V8වල යනවා - මිනිස්සු හූ කියලා එළවන්න බලාගෙන ඉන්නේ
02:52
Video thumbnail
මිහින්තලේ හිමි ආණ්ඩුව ගැන හොඳ කියයි.."අපේ රටේ මිනිස්සු කවුරුත් අවංක නෑ.."
08:10
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දාපු කින්ඩිය
03:47
Video thumbnail
පොහොට්ටු මාධ්‍ය හමුවට ආ විජිත හේරත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
12:25
Video thumbnail
ප්‍රා.සභා සභාපතිගෙ අත්සන ව්‍යාජ ලෙස යොදා සේවකයන්ට පඩි ගෙවලා.."හොර අත්සනක්..මේක මගේ අත්සන නෙවෙයි"
03:26
Video thumbnail
කංචනට ගිය කොමිස් මුදල දැන් යන්නේ ඩබල් පොකට් එකට ද..?
04:24