තණමල්විල පොලිස් වසමට අයත් ගගේයාය ප්‍රදේශයේ දී ඊයේ (01) දින සිදු වූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.
ඒ අනුව අදාළ ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීම සිදු කළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.
වෙඩි තැබීමට යොදා ගත් බව කියන, මෙරට නිශ්පාධිත ගිනි අවියක් ද සැකකරු සමඟ පොලිස් භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
අදාළ සැකකරු විසින් පුද්ගලික ආරවුලක් මත සිය සහෝදරයා වෙත මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර තිබෙනවා.
කෙසේ වෙතත් සිද්ධියෙන් කිසිවෙනුකටත් හානියක් සිදුව නැහැ.
මෙම සහෝදරයන් දෙදෙනාටම කලක පටන් විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
කෙසේ වෙතත් ඊයේ (01) දිනයේ අත්අඩංගුවට ගත් සැකකරු අද (02) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ තණමල්විල පොලිසිය විසින් සිදුකරනවා.













