අයියාට වෙඩි තැබූ මල්ලිව තණමල්විල පොලිසිය මඟින් අත්අඩංගුවට

තණමල්විල පොලිස් වසමට අයත් ගගේයාය ප්‍රදේශයේ දී ඊයේ (01) දින සිදු වූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

ඒ අනුව අදාළ ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීම සිදු කළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

වෙඩි තැබීමට යොදා ගත් බව කියන, මෙරට නිශ්පාධිත ගිනි අවියක් ද සැකකරු සමඟ පොලිස් භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ සැකකරු විසින් පුද්ගලික ආරවුලක් මත සිය සහෝදරයා වෙත මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර තිබෙනවා.

කෙසේ වෙතත් සිද්ධියෙන් කිසිවෙනුකටත් හානියක් සිදුව නැහැ.

මෙම සහෝදරයන් දෙදෙනාටම කලක පටන් විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් ඊයේ (01) දිනයේ අත්අඩංගුවට ගත් සැකකරු අද (02) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ තණමල්විල පොලිසිය විසින් සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15
Video thumbnail
සජිත් මැතිතුමනි ඔබ පින මතුවේවා
01:23
Video thumbnail
ඔබතුමා එඩිතරව වැඩේ කරගෙන යන්න
00:54