අදත් වහළ මත සවිකර ඇති සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන්න

හදිසි විදුලි බිඳවැටීමක් ඇතිවීම වළක්වා ගනිමින් පද්ධතියේ ස්ථායීතාව පවත්වාගෙන යාම සඳහා අද (31) දිනයේ ද වහළ මත සවිකර ඇති සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන ලෙස සූර්ය පැනල පද්ධති හිමි විදුලි පාරිභෝගිකයින්ගෙන් ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම ඉල්ලීමක් කරනවා.

ඒ, අනුව එම සමාගම දැනුම් දෙන්නේ අද (31) පෙරවරු 8.00 සිට පස්වරු 3.00 දක්වා එම සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන ලෙසයි.

ජාතික විදුලිබල පද්ධතියේ ඇති වූ අසමතුලිතතාවක් හේතුවෙන් ඊයේ (30) දිනයේ දිවයිනේ ප්‍රදේශ රැසක පැය කිහිපයක් විදුලි සැපයුම විසන්ධි කිරීමට සිදු වුණා.

වෙසක් පොහොය සහ දීර්ඝ සති අන්තය හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියේ විදුලි ඉල්ලුම පුරෝකතනය කළ කාලසීමාවට වඩා ශීඝ්‍රයෙන් පහළ යාම හා සූර්ය පැනල මගින් ජනනය කරන විදුලිය ප්‍රමාණය ඉහළ අගයක් ගැනීම හේතුවෙන් මෙලෙස ඊයේ (30) දිනයේ ජාතික පද්ධතියේ අසමතුලිතතාවක් හටගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27