රජය විසින් ආනයනය කළ මෙගාවොට් 160ක ධාරිතාවයකින් යුත් බැටරි බලශක්ති ගබඩා පද්ධති 06ක් අද (30) අලුයම කොළඹ වරායට ගෙනවිත් තිබෙනවා.
2025 වසරේ ජූලි මාසයේ දී මෙම ධාරිතාව සහිත බැටරි 16ක් ජාත්‍යන්තර තරඟකාරී ටෙන්ඩර් කැඳවූ අතර, ඉන් 06ක් මෙලෙස රැගෙනවිත් ඇති බව සඳහන්.
මෙම බලශක්ති ගබඩා පද්ධති 06 මහව, වවුනියාව, චුන්කානම්, කිලිනොච්චි, අනුරාධපුර හා පොළොන්නරුව ප්‍රදේශවල පිහිටා ඇති විදුලිබල සම්ප්‍රේෂණ උපපොළවල් සමීපව ස්ථාපිත කිරීමට නියමිත බව නිවේදනයක් නිකුත් කරමින් වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කළා.
මෙම එක් පද්ධතියකින් දිවා කාලයේ දී මෙගාවොට් 40ක විදුලිබල ශක්තියන් ගබඩා කිරීමට හැකි අතර, ඉන් උපරිම විදුලිබල ඉල්ලුම අවශ්‍ය රාත්‍රි කාලයේ දී මෙගාවොට් 10ක් ජාතික පද්ධතියට ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
ඒ, අනුව මෙම පද්ධති 06න් ලැබෙන මුළු ධාරිතාව මෙගාවොට් 60ක්.













