ලයිසනුත් නොමැතිව රෝද උස්සන් ගිය ගැටවරයින් පිරිසක් අත්අඩංගුවට

අනාරක්ෂිත අන්දමින් ඉදිරි පස රෝදය ඉහලට ඔසවා ගෙන, ඝෝෂාකාරී අන්දමින්, කොළඹ – මීගමුව මහා මාර්ගයේ කදාන – වැලිගම්පිටිය අතර ප්‍රදේශයේ දී මාර්ගයේ ගමන් ගත් වාහනවලට බාධාකාරී අයුරින්, යතුරු පැදි සහ ත්‍රිරෝද රථයක් අනතුරුදායක ලෙස ධාවනය කළ තරුණයන් 06 දෙනෙක් අද (30) අලුයම කදාන පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් කදාන, බටගම ප්‍රදේශයේ පදිංචි, වයස අවුරුදු 20 ත් 22 ත් අතර පසුවන තරුණයන් පිරිසක් බවයි වාර්තා වන්නේ .

මෙම යතුරු පැදි සහ ත්‍රිරෝද රථ ධාවකයින් 06 දෙනා අතරින් 04 දෙනෙකුටම රියැදුරු බලපත්‍ර නොමැති අතර මෙම සියලුම වාහන වල අංක තහඩුව නොමැතිව ඔවුන් ධාවනයෙහි නිරත වී ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් අද (30) උදෑසන රාගම අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී මොවුන් විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට කරුණු සනාථ වී තිබෙනවා.

කදාන පොලිසියේ රථවාහන අංශය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා.

මෙම සැකකරුවන් පිරිස අද (30) දින වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29