මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ වෙසක් දින පණිවුඩය

වර්තමාන ගෝලීය අර්බුද හමුවේ ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා සම්බුද්ධ දේශනාවන්ගේ අප ජීවිත අලෝකමත් කර ගත යුතු වකවාණුවක ජීවත්වන බව ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලා පවසනවා.

උතුම් වෙසක් මංගල්‍ය වෙනුවෙන් ඒකාබද්ධ පණිවුඩයක් නිකුත් කරමින් ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලා මේ බව සඳහන් කරනවා.

මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන, අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩඋයන්ගොඩ මෛත්‍රී මූර්ති සහ රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල යන මහනාහිමිවරුන්ගේ අත්සනින් මෙම වෙසක් දින ආශීර්වාද පණිවුඩය නිකුත් කර තිබෙනවා.

මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ වෙසක් දින පණිවුඩය..

ශ්‍රී ගෞතම සම්මා සම්බුදු තෙමඟුල සිහිපත් කරමින් ධර්මාර්ථ චර්යාවෙහි යෙදෙන උතුම් ශ්‍රී වෛශාඛ්‍ය මංගල්‍යය සමස්ත ලෝකවාසී බෞද්ධ මහජනතාවගේ අනුස්මරණියතම පුණෝත්සව දිනයයි.

මෙදින ශ්‍රද්ධාදී ගුණ ධර්මයන්ගෙන් ප්‍රේරිතව අපරිමිත තථාගත ගුණකදම්භයන් අනුස්මරණය කරමින් ශ්‍රී සද්ධර්මයේ සංස්පර්ශයෙන් ජිවිත අලෝකමත් කර ගැනීමට ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ගේ නිරත වීම සැදැහැති ලෝක වාසී බෞද්ධ ජනයාගේ සිරිතයි.

හේතුඵලවාදී දාර්ශනික සිද්ධාන්තය තුළින් සංසාරික දුක, දුක ඇති වීමේ හේතුව, දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය පහදා දෙන උතුම් ශ්‍රී සම්බුද්ධ දේශනාවේ ඤාණමය ආලෝකයෙන් ස්වජිවිත ප්‍රභාමත් කර ගැනීමෙහිලා වීර්යවන්ත වීම උතුම් සම්බුදු තෙමඟුල නිවැරදිව අර්ථවත් කිරීම බව මෙහිලා අවධාරණය කරනු කැමැත්තෙමු.

වර්තමාන ගෝලීය අර්බුද හමුවේ ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා සම්බුද්ධ දේශනාවන්ගේ සංස්පර්ෂය අප ජිවිත අලෝකමත් කර ගැනීමට ඉවහල් කර ගත යුතු වකවාණුවක අපි සැවොම ජිවත් වන බව නොරහසකි.

අද්‍යතනය වන විට ඇති වී ඇති බල ශක්ති අර්බුදය ඇතුළු ලාංකේය සමාජ විචල්‍යතාවන් ද මනාව හඳුනාගෙන ඡන්දය, ද්වේශය, භය, මෝහය යන සතර අගතීන්ගෙන් වියුක්තව මෙත්තා, කරුණා මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් සුපෝෂිතව ප්‍රතිපත්ති පූජාවෙහිලා ප්‍රමුඛත්වය ලබා දෙමින් ස්වර්ථ – පරාර්ථ සාධනයෙහිලා තත්පරව කටයුතු කිරීමට සමස්ත ලක්වාසීන් මෙම වෙසක් පුන් පොහෝ දිනයේ අධිෂ්ඨානයෙන් කටයුතු කළ යුතුය.

තථාගතයන් වහන්සේ මහානාම ශාක්‍ය පුත්‍රයා අමතා දේශනා කරන්නට යෙදුණු පරිදි “යමෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහිත් ශ්‍රී සද්ධර්මය කෙරෙහිත් මහා සංඝ රත්නය කෙරෙහිත් කරුණු දැන ඇති කරගත් නොසැලෙන ප්‍රසාදයෙන් යුක්ත වේද, සමාධිය පිණිස හේතු වන ආර්ය කාන්ත ශීලයෙන් යුක්ත වේද හෙතෙම නිවනට නැඹුරු වූයේ වෙයි” යන උතුම් සම්බුද්ධෝපදේශයෙහි පිහිටා සිය ජීවිත කුසලාංගයන්ගෙන් පෝෂණය කර ගැනිමට වීර්ය වන්තව කටයුතු කිරීමට සැමට ශක්තිය ධෛර්යය සැලසේවා යි ප්‍රාර්ථනා කරන අතර ම, රත්නත්‍රයේ ආශිර්වාදයෙන් සැමට ධර්මාලෝකයෙන් ප්‍රභාවිත සිරි සුභ වෙසක් මංගල්‍යයක් වේවායි ආශංසනය කරම්හ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලව්වට ආ නාමල්ට මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - නාමල් දැක්ක ගමන් මිනිස්සු වදියි
01:12
Video thumbnail
88 අමතක කරලා..අනේ රණවිරුවත් පිළිගන්න - පොලිසිය, හමුදාව එක්ක ආණ්ඩුවට ලොකු ඇරියස් එකක් තියෙනවා
03:01
Video thumbnail
කළුතරම සලිත කරමින් හමුවූ නාඳුනන නිසල සිරුර
00:26
Video thumbnail
මඩකලපුව නගරයේ බැංකුවක හදිසියේම හටගත් විශාල ගින්න
01:32
Video thumbnail
මඩකලපුව නගරයේ බැංකුවක හදිසියේම හටගත් විශාල ගින්න..විදුලි කාන්දුවක් නිසා වෙච්ච විනාශයක්
02:14
Video thumbnail
කළුතරම සලිත කරමින් හමුවූ සිරුර..සිරුර පුරාම සීරීම් සහ තුවාල දක්නට ලැබේ
00:49
Video thumbnail
රට හදන්න පුළුවන්, දුක හඳුනන එකම නායකයා නාමල් - දැන් ඩබල් පොකට් ඩබල් හොරකමේ යන්නේ
04:56
Video thumbnail
ආණ්ඩුව වැටෙන්නේ නෑ..රටේ සාමාන්‍ය මිනිස්සු වැටිලා ඉන්නේ..බුදු වෙනවා කියලත් කියන්න බැරි නෑ
02:03
Video thumbnail
කොළඹ නගරයම විදුලි බුබුළු, පහන් කූඩුවලින් ආලෝකමත් වෙලා - සම්බුදු තෙමඟුලට සැරසුණු කොළඹ අසිරිය
03:35
Video thumbnail
නාමල් අලව්වෙ ගම්මු ඉස්සරහා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි..ඊයේ පෙරේදා ආපු නැවේ ගල් අඟුරුත් බාලයි
09:24