අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම්වලට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලට අමතරව ආර්ථික සමාජීය සෞඛ්‍ය අධ්‍යාපන යන අයිතිවාසිකම් ඇතුළත් නොවන බවත්, ඒ නිසා සෞඛ්‍ය අධ්‍යාපනය මානව අයිතිවාසිකම් බවට පත්වන විට ආර්ථව දරිද්‍රතාව මෙන්ම සමස්ත පුරවැසියා මුහුණ දෙන සෞඛ්‍ය ගැටලුවලට ද තිරසර විසදුම් දිය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
විපක්ෂ නායක කාර්යාලයේ දී ආර්ථව දරිද්‍රතා ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවැති හමුවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කළා.
අපේ රටේ ජනගහනයෙන් 52%ක් කාන්තාවන් බවත් අප රට තුළ ආර්ථව දරිද්‍රතාව සම්බන්ධයෙන් කතා කිරීමේ දී පැතිකඩ ගණනාවක් ඇති බවත් ආර්ථව දරිද්‍රතාවය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ මැළිකමක්, සාකච්ඡා නොකළ යුතු බව සංස්කෘතික වශයෙන් නොගැලපෙන බවට මත පැවතියත් මේවාගෙන් මිදිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.
වෛද්‍ය ක්ෂේත්‍රයේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරණ විට ඔසප් කළමනාකරණය නිවැරදිව සිදු නොකිරීම නිසා සෞඛ්‍ය ගැටලු රැසක් මතු වන බවත් සංඛ්‍යාවත්මව ලක්ෂ 42න් 70%කට එනම් ලක්ෂ 30කට නිවැරදි ඔසප් කළමනාකරණය සිදු නොවන බවත් අවිධිමත් ක්‍රමවේද භාවිත කරන බවත් බරපතල සෞඛ්‍ය ගැටලු මතුවන අයගෙන් 12.6%ක් පමණක් සෞඛ්‍ය පිළිසරණ ලබා ගන්නා බවත් මෙය පාසල් යාම අඩුවීමට පවා බලපාන බවත් විපක්ෂ නායකවරයා මෙහිසී සඳහන් කළා.
විහිලු කිරීම, පාසල් නිල ඇඳුමටවන බලපෑම,මානසික පීඩනයට ලක්වීම වැනි ගැටලු නිසා දැරියන්ගෙන් 50-60%ක් අතර ප්‍රමාණයක් ඔසප් ඇතිවන දිනවන පාසල් නොයන බවත් වැඩකරන කාන්තාවන්ට පවා මෙය බලපාන බවත්, ශ්‍රම බළකායේ කාන්තා සහභාගිත්වය අවම තත්ත්වයක් ඇති අප රටේ මේ ඔසප් ක්‍රියාවලිය නිවැරදිව කළමනාකරණය නොකිරීම නිසා එය දළ දේශීය නිෂ්පාදනයට පවා සෘජුවම බලපාන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවා.
වැඩබිමේ කාන්තාවන්ට ඇති සෞඛ්‍ය පහසුකම් ඇත්තේ දුර්වල මට්ටමක බැවින් එය බරපතළ ගැටලුවක් වී ඇති බවත්, අප රටේ ආර්ථව දරිද්‍රතාවය සම්බන්ධයෙන් විපක්ෂය මතුකරන තුරු පැහැදිලි වැඩපිළිවෙළක් නොතිබු නමුත් දැන් පාසල් දැරියන් දශලක්ෂයකට රු. බි. 1.4ක් වියදම් කර සනීපාරක්ෂා භාණ්ඩ ලබා දෙන අතරතුර මේ සදහා ඇති බදු පවා වැඩි කර ඇති බවත්, 15% general duty, 18% වැට් බදු, 10% pal බදු, 15% සෙස් බද්දක් සහ 2.5% SSCL යන බදු වර්ග 5 ගහන බවත් මෙය වැරදි ක්‍රියාවක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියා.
ඉන්දියාවේ සහ බංගලාදේශයේ සනීපාරක්ෂක උපාංග සදහා බදු පනවන්නේ නැති බවත් කෙන්යාව,දකුණු අප්‍රිකාව මෙන්ම එක්සත් රාජධානිය පවා බදු ඉවත් කර ඇති බවත් ස්කොට්ලන්තයේ පාර්ලිමේන්තුව විසින් නොමිලේ මේවා ලබා දෙන්න තීරණය කළ බවත්, හිටපු නවසීලන්ත අගමැතිනිය පවා පාසල් මට්ටමින් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කළ බවත් ලෝකයෙ සෙසු රටවල් මේ උපාංග සදහා ඇති බදු ඉවත් කරන නිසා අප රටත් බදු ඉවත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.
ගුණාත්මක භාවයෙන් ඉහළ අඩුමිලකට මේ සනීපාරක්ෂක පහසුකම් දේශීය නිෂ්පාදනය කළ නොහැක්කේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත්, මේ හරහා දේශීය කර්මාන්ත බිහි වී නව රැකියා පවා උත්පාදනය කළ හැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.













