පියා සහ පුතුන් දෙදෙනා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට මරණ දඬුවම

මනුෂ්‍ය ඝාතනයකට වරදකරු වූ විත්තිකරුවන් පස්දෙනෙකුට බලපිටිය මහාධිකරණය මඟින් ඊයේ (22) මරණ දඬුවම නියමකර තිබෙනවා.

මෙලෙස මරණ දඬුවම නියම කළ නියමවූ විත්තිකරුවන් අතර එකම පවුලේ පියා අහ පුතුන් දෙදෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ.

පොලු මඟුරුවලින් පහර දී සිදුකළ ඝාතනයක් සම්බන්ධයෙන් වසර 19ක කාලයක් පැවති දීර්ඝ නඩු විභාගයකින් පසුව බලපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා ඊයේ (22) මෙම නියෝගය නිකුත් කරන ලැබුවා.

මෙලෙස මරණ දඬුවම නියම කළේ, බටපොල, බටදූවේ පදිංචි කුලප්පුවාවඩු වසන්ත ජයලත්, කුලප්පුවාවඩු පර්ල් බන්දුල, කුලප්පුවාවඩු නන්දන පද්මකීර්ති සහ එම ලිපිනයේ පදිංචි සන්දාමරක්කල ජනක කුමාර සහ හිනිදුමගේ ලහිරු මධුරංග නැමැති විත්තිකරුවන් පස්දෙනාටයි.

මෙම විත්තිකරුවන් විසින් 2007 ජූලි මස 29 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දී පවුල් ආරවුලක් සම්බන්ධයෙන් බටපොල, බටදූව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් පොලු මඟුරුවලින් පහර දී ගාතනය කර තිබුණා.

විත්තිකරුවන් පස්දෙනා විසින් ඝාතනය කිරීම සාධාරණ සැකයකින් තොරව ඔප්පුවන බව පැවසූ බලපිටිය මහාධිකරණ විනිසුරුවරයා මේ විත්තිකරුවන් පස් දෙනාටම මරණ දඩුවම ලබාදෙන ලෙස නියෝග කරනු ලැබුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48