මනුෂ්‍ය ඝාතනයකට වරදකරු වූ විත්තිකරුවන් පස්දෙනෙකුට බලපිටිය මහාධිකරණය මඟින් ඊයේ (22) මරණ දඬුවම නියමකර තිබෙනවා.
මෙලෙස මරණ දඬුවම නියම කළ නියමවූ විත්තිකරුවන් අතර එකම පවුලේ පියා අහ පුතුන් දෙදෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ.
පොලු මඟුරුවලින් පහර දී සිදුකළ ඝාතනයක් සම්බන්ධයෙන් වසර 19ක කාලයක් පැවති දීර්ඝ නඩු විභාගයකින් පසුව බලපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා ඊයේ (22) මෙම නියෝගය නිකුත් කරන ලැබුවා.
මෙලෙස මරණ දඬුවම නියම කළේ, බටපොල, බටදූවේ පදිංචි කුලප්පුවාවඩු වසන්ත ජයලත්, කුලප්පුවාවඩු පර්ල් බන්දුල, කුලප්පුවාවඩු නන්දන පද්මකීර්ති සහ එම ලිපිනයේ පදිංචි සන්දාමරක්කල ජනක කුමාර සහ හිනිදුමගේ ලහිරු මධුරංග නැමැති විත්තිකරුවන් පස්දෙනාටයි.
මෙම විත්තිකරුවන් විසින් 2007 ජූලි මස 29 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දී පවුල් ආරවුලක් සම්බන්ධයෙන් බටපොල, බටදූව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් පොලු මඟුරුවලින් පහර දී ගාතනය කර තිබුණා.
විත්තිකරුවන් පස්දෙනා විසින් ඝාතනය කිරීම සාධාරණ සැකයකින් තොරව ඔප්පුවන බව පැවසූ බලපිටිය මහාධිකරණ විනිසුරුවරයා මේ විත්තිකරුවන් පස් දෙනාටම මරණ දඩුවම ලබාදෙන ලෙස නියෝග කරනු ලැබුවේ.













