පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඉදිරි දිනවල දී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එම ඒකකය සඳහන් කරන්නේ, දිවයින පුරා ඩෙංගු අධි අවදානම් සහිත කලාප 42ක් හඳුනාගෙන ඇති බවයි.
මේ අතර මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 27,465ක් වාර්තා වී ඇති බව පවසන ජාතික ඩෙංගු මර්දන ඒකකය, රෝගය හේතුවෙන් මරණ 14ක් වාර්තා වී ඇති බවයි පැවසුවේ.
වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,930ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 4,465ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 1,572ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරනවා.













