දිවයින පුරා ඩෙංගු අධි අවදානම් කලාප 42ක් – වසරේ මේ දක්වා කාලය තුළ රෝගීන් 27,465ක්

පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඉදිරි දිනවල දී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එම ඒකකය සඳහන් කරන්නේ, දිවයින පුරා ඩෙංගු අධි අවදානම් සහිත කලාප 42ක් හඳුනාගෙන ඇති බවයි.

මේ අතර මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 27,465ක් වාර්තා වී ඇති බව පවසන ජාතික ඩෙංගු මර්දන ඒකකය, රෝගය හේතුවෙන් මරණ 14ක් වාර්තා වී ඇති බවයි පැවසුවේ.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,930ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 4,465ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 1,572ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46