හිටපු ජනපති මහින්ද අද අල්ලස් කොමිසමට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (12) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණීමට නියමිතයි.

මේ වනවිට විමර්ශන සිදුකරනු ලබනවා එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහුට මෙලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවීම් ලැබ තිබෙනවා.

මෙම කැඳවීමට අදාළ නිල ලිපිය පසුගිය 09 වනදා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කාල්ටන් නිවසට ලැබුණු බව ඔහුගේ පාර්ශ්වය දැනුම් දුන්නා.

මේ අතර අද (12) දිනයේ දී අල්ලස් කොමිසම වෙත තමා පැමිණෙන බව හිටපු ජනාධිපතිවරයා පසුගිය දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !