පාකිස්ථානයේ වෙළඳ හිඟය වසර හතරකට පසු වාර්තා වූ ඉහළම මට්ටමට

පාකිස්තානයේ වෙළඳ හිඟය 2026 අප්‍රේල් මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 4.07 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය වසර හතරක කාලයේ දී වාර්තා වූ ඉහළම අගය ලෙස සැලකෙනවා.

බලශක්ති ආනයන වියදම් ඉහළ යාම සහ ආනයන සීමා ලිහිල් කිරීම හේතුවෙන් අපනයන ආදායමට වඩා ආනයන වියදම් වේගයෙන් ඉහළ යාම මෙම තත්ත්වයට බලපා තිබෙනවා.

මීට පෙර ආර්ථික විද්‍යාඥයන් පුරෝකථනය කර තිබුණේ මෙම හිඟය ඩොලර් බිලියන 2.99ක මට්ටමක පවතිනු ඇති බවයි.

මාර්තු මාසයේදී ඩොලර් බිලියන 2.84ක් ලෙස පැවති වෙළඳ හිඟය අප්‍රේල් මාසය වන විට 43.5%ක දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කර තිබීම විශේෂත්වයක්.

පසුගිය වසරේ (2025) අප්‍රේල් මාසයට සාපේක්ෂව මෙවර අපනයන ආදායම 14%කින් වර්ධනය වී ඩොලර් බිලියන 2.48ක් දක්වා ඉහළ ගොස් තිබුණද, ආනයන වියදම් 7.5%කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 6.55ක් දක්වා වර්ධනය වීම මෙම හිඟය ඉහළ යාමට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්