මෙවර LPL තරගාවලියේ විදෙස් ක්‍රීඩක ලියාපදිංචිය අනිද්දා සිට ඇරඹේ

මෙවර ලංකා ප්‍රිමීයර් ලීග් තරගාවලිය සඳහා විදේශ ක්‍රීඩකයින් ලියාපදිංචිය අනිද්දා (08) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව ලබන 18 වෙනිදා දක්වා විදෙස් ක්‍රීඩකයින්ට තරගාවලිය සඳහා ලියාපදිංචි වීමේ හැකියාව පවතිනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවිය වන http://www.srilankacricket.lk හරහා ක්‍රියාත්මක වන මෙම මාර්ගගත ලියාපදිංචිවීමේ අවස්ථාව පවතිනවා.

මෙවර තරගාවලිය කොළඹ එස්.එස්.සී සහ ආර්. ප්‍රේමදාස, මහනුවර පල්ලෙකැලේ හා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ද තරග සඳහා සත්කාරකත්වය සපයනු ලබනවා.

මෙම තරගාවලිය ලබන ජූලි සහ අගෝස්තු මාසවලදී පැවැත්වීමට නියමිතයි.