නිවසක ඉදිකිරීම් කටයුතු අතරතුර ග්‍රයින්ඩරයක් මඟින් සිදු වූ අනතුරකින් අයෙක්ට දිවි අහිමි වෙයි

කටුගස්තොට පොලිස් වසමේ මාවිල්මඩ ප්‍රදේශයේ දී ඊයේ (05) දින උදෑසන කාලයේ දී පුද්ගලයෙක් නිවසේ ආරක්ෂක වැටක ඉදිකිරීම් කටයුත්තක් සිදු කරමින් සිටියදී ග්‍රයින්ඩරයකට ගෙල කැපීමෙන් මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 66 ක් වූ මාවිල්මඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාළ පුද්ගලයා තම නිවසේ ඉදිරි ආරක්ෂක වැට පිළිසකර කර ගැනීම සඳහා යොදා ගත් ග්‍රයින්ඩරයට ගෙල කැපී එම ස්ථානයේම මියගොස් සිට ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

කටුගස්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.