ඇමරිකානු – ඉරාන යුද්ධය පසුගිය වසර දෙක තුළ පාකිස්ථානය ලබා ඇති ආර්ථික ප්‍රගතියට බරපතල පහරක් එල්ල කර ඇති බව අගමැති ෂෙබාස් ෂරීෆ් පවසනවා.
සටන් කරන දෙපාර්ශ්වය අතර ආතතීන් සමනය කිරීමට සහ බටහිර ආසියාවේ සාමය යථා තත්ත්වයට පත් කිරීමට තම රජය උත්සාහ කරන බව ද ඔහු ප්‍රකාශ කළා.
අගමැතිවරයා පවසන්නේ ගැටුමට පෙර ඩොලර් මිලියන 300 වූ ඉන්ධන ආනයන පිරිවැය මේ වන විට ඩොලර් මිලියන 800 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
එමඟින් ආර්ථිකයට අමතර පීඩනයක් එල්ල වන බව ද සඳහන් කළ අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් කාර්ය සාධක බලකායක් දිනපතා තත්ත්වය නිරීක්ෂණය කරන බව ද සඳහන් කරනවා.
ඔහු අවධාරණය කළේ අභියෝගවලට මුහුණ දීම සඳහා සාමූහික උත්සාහයන් අවශ්‍ය බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
1
+1













