මත්පැන් පානය කර යතුරුපැදිවලින් ගමන් ගත් කාන්තාවන් සිව්දෙනක් පසුගිය දා අඟුරුවාතොට පොලිසි මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුව ගෙන ඇත්තේ හොරණ සහ ගෝනපල යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 26, 27 28 සහ 29 යන වයස්වල කාන්තාවන් තිදෙනෙක්.
මොවුන් සිව්දෙනා හොරණ, බැල්ලපිටියේ ආඳා දොලේ දිය නෑමට ගොස් මත්පැන් පානය කර ආපසු නිවෙස් බලා යමින් සිටිය දී මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මොවුන් කාලයක් තිස්සේම මෙලෙස ආඳාදොලේ දිය නෑමට පැමිණ මත්පැන් පානය කර යතුරුපැදිවලින් යෑමට පුරුදු වී සිට ඇති බවයි පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ.
මෙම කාන්තාවන් අධික ලෙස මත්පැන්වලට ඇබ්බැහි වී ඇති බවත් පොලිසිය කළ පරීක්ෂණවල දී හෙළි වී තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකාර කාන්තාවන්ට ඊයේ දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝග කර ඇති අතර, එහිදී අධිකරණය විසින් බීමත්ව රිය පැදවීම යටතේ දඩ නියමකර ඇති බව අඟුරුවාතොට පොලිසි පැවසුවා.













