ඩයගම සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් විමෙන් එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් ඇතුළු 20 දෙනෙක් දික්ඔය මුලික රෝහල වෙත (29) දින ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පවසනවා.
අද (29) පස්වරු 3:00ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් ෆොඩයිස් හරහා ප්‍රධාන මාර්ගයේ දික්ඔය බටල්ගල වත්ත ප්‍රදේශයෙදියි.
ධාවනය වෙමින් තිබූ බස් රථය තවත් බස් රථයකට ඉඩ දීමට යැමෙදි එම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 25ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ 20 දෙනෙකු පමණ දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති අතර, තුවාලකරුවන් කිහිප දෙනෙකුගේ තත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථය තුල 35 දෙනෙකු පමණ ගමන් කර ඇති බවත්, අනතුරින් බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයාද තුවාල ලබා ඇති බවයි අනතුර පිළිබද පරීක්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.













