පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (29) යළි කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවීමට නියමිතයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාම සදහා රජයේ මුදල් අවභාවිත කළ බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල ගොනුකර තිබෙනවා.
මෙම නඩුවට අදාළව පසුගිය අප්‍රේල් මස 24 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගෙන් පැය 4ක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණා.
ඒ ඔවුන්ගේ නිවසේදීයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1













