බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, උතුරු – මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්.

දකුණු පළාතේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බවයි එහි වැඩිදුරටත් සඳහන් වුණේ.

මධ්‍යම, සබරගමුව, උතුරු – මැද සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් නිවේදනයේ සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
00:00
Video thumbnail
NLB සභාපතිගෙන් මාධ්‍ය ජාලයකට සහ සර්වජන බලයේ නීතිඥ නලින්ට නඩු - මම එහෙම පැමිණිලි කළේ නෑ - අසත්‍යයි
05:42
Video thumbnail
තව මාස 3කින් ලාල් කාන්තව හොයාගන්නවත් බැරිවෙයි
04:41
Video thumbnail
බුදු අම්මෝ මේ විපක්ෂ පාතාලය එක්කනේ ගණුදෙනු කරලා තියෙන්නේ
14:46
Video thumbnail
නලින්දට අනගාතයේ දී අනිවාර්යෙන් දඬුවම් දෙනවා
01:24
Video thumbnail
තව ටිකක් කල් යනකොට දෙයියන්ගෙම පිහිටයි - දොලවත්ත ආණ්ඩුවේ වැරදි කියලා හොඳටම අමතයි
03:34
Video thumbnail
රටම කතාකරපු පුංචි දියණියගේ තවත් වීඩියෝවක් එළියට
00:46
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රිපාල බලන්න නිවසට ආ පුලතිසි රාජා - කොහොමද මෛත්‍රිපාලට තියෙන ආදරය
01:40
Video thumbnail
ඇමතිතුමෝ තොට ලැජ්ජාවක් නැද්ද.. ලැජ්ජයි.. ලැජ්ජයි.. ලැජ්ජයි
03:02
Video thumbnail
ජනපති එක්ක මට ඩීල් නෑ - මරික්කාර්ට කේන්ති යයි
17:45