මාතර සමුපකාර රෝහලේ බලය ලබා ගැනීම සදහා පැමිණි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජන බලවේගයේ කණ්ඩායමක් සහ එම රෝහලේ සේවය කරන පිරිසක් අතර ඉකුත් 11 වැනිදා ගැටුමක් ඇතිව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් එම රෝහලේ සභාපති ඒ.ඒ.ඩී.අමින්ද ඇතුළු දෙපාර්ශ්වයේම 05 දෙනෙක් මාතර පොලීසිය විසින් අද (28) දින සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා.
සැකකාර සභාපතිවරයා එම විරෝධතාවයට සහභාගී වූ සේවකයින්ට පහර දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු සේවකයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කැමරා ශිල්පියෙක්ට පහරදීමේ චෝදනාවටයි.
සැකකාර සභාපති ඇතුළු සැකකරුවන් පස් දෙනා හෙට (29) මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1













