වේගසීමා තරයේ පිළිපැදීමේ තීරණයත් සමඟ අදත් කාර්යාල දුම්රිය ප්‍රමාදයක්

දුම්රිය ධාවනයේ දී වේගසීමා තරයේ පිළිපැදීමට දුම්රිය රියදුරන් ගෙන ඇති තීරණයත් සමඟ අද (28) පෙරවරුවේත් කාර්යාල දුම්රිය කිහිපයක් ප්‍රමාද වුණා.

මේ හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවයකට පත් වුණා.

දුම්රිය ධාවනයේ දී වේගසීමා තරයේ පිළිපැදීමට පෙරේදා (26) දිනයේ සිට ලොකමෝටිව් රියදුරන්ගේ සංගමය තීරණය කළා.

මෙම තීරණය හේතුවෙන් ඊයේ (27) දිනයේත් කාර්යාල දුම්රිය රැසක් ප්‍රමාදවීම සිදු වුණා.

මේ අතර එම සංගමය දැනුම් දුන්නේ තාක්ෂණික අඩුපාඩු සහිත දුම්රිය ධාවනයෙන් දුම්රිය රියදුරන් ඉවත්වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !