බුද්ධ චීවරය අවභාවිත කරමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ යෙදමින් භික්ෂු ප්‍රතිරූපකයින් පිරිසක් විසින් සිදුකරන ලද ශාසන විරෝධී හා නීති විරෝධී ක්‍රියාව තරයේ හෙළා දකිංහ බව ත්‍රෛනිකායික මහානායක හිමිවරු පවසනවා.
මහානායක ස්වාමීන් වහන්සේලා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරනවා.
ලාංකේය සමාජය තුළ භික්ෂූන් වහන්සේ නමක් වෙත උරුමව ඇති සාම්ප්‍රදායික ගෞරවය හා පිළිගැනීමත් උතුම වූ බුද්ධ චීවරය පිළිබඳ බෞද්ධයන්ගේ ශ්‍රද්ධාධ්‍යාශයන් ද අවභාවිත කරමින් සිදුකරන ලද මෙම නිතී විරෝධි ක්‍රියාවට සම්බන්ධ සියලු භික්ෂු ප්‍රතිරූපකයින් නිසි දඬුවම් ලබා දීමට කටයුතු කළ යුතු බවයි අදාළ නිවේදනය මඟින් උන්වහන්සේලා අවධාරණය කරන්නේ.
එමෙන්ම ඉදිරියේ දී අදාළ නිකාය පාර්ශ්වයන් මගින් මෙම ශාසන විරෝධී මෙන්ම නීති විරෝධී කටයුත්තට සම්බන්ධ සියලු භික්ෂු ප්‍රතිරූපකයින් සම්බන්ධයෙන් කරුණු සොයා බලා ශාසනයෙන් නෙරපීමට කටයුතු කරන බව ද එම නිවේදනය මඟින් දැනුම් දී තිබෙනවා.














