මත්ද්‍රව්‍ය සමඟ ඇල්ලූ භික්ෂු ප්‍රතිරූපකයින්ව ශාසනයෙන් නෙරපීමට සැරසෙයි – මහානායක හිමිවරුන්ගෙන් නිවේදනයක්

බුද්ධ චීවරය අවභාවිත කරමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ යෙදමින් භික්ෂු ප්‍රතිරූපකයින් පිරිසක් විසින් සිදුකරන ලද ශාසන විරෝධී හා නීති විරෝධී ක්‍රියාව තරයේ හෙළා දකිංහ බව ත්‍රෛනිකායික මහානායක හිමිවරු පවසනවා.

මහානායක ස්වාමීන් වහන්සේලා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරනවා.

ලාංකේය සමාජය තුළ භික්ෂූන් වහන්සේ නමක් වෙත උරුමව ඇති සාම්ප්‍රදායික ගෞරවය හා පිළිගැනීමත් උතුම වූ බුද්ධ චීවරය පිළිබඳ බෞද්ධයන්ගේ ශ්‍රද්ධාධ්‍යාශයන් ද අවභාවිත කරමින් සිදුකරන ලද මෙම නිතී විරෝධි ක්‍රියාවට සම්බන්ධ සියලු භික්ෂු ප්‍රතිරූපකයින් නිසි දඬුවම් ලබා දීමට කටයුතු කළ යුතු බවයි අදාළ නිවේදනය මඟින් උන්වහන්සේලා අවධාරණය කරන්නේ.

එමෙන්ම ඉදිරියේ දී අදාළ නිකාය පාර්ශ්වයන් මගින් මෙම ශාසන විරෝධී මෙන්ම නීති විරෝධී කටයුත්තට සම්බන්ධ සියලු භික්ෂු ප්‍රතිරූපකයින් සම්බන්ධයෙන් කරුණු සොයා බලා ශාසනයෙන් නෙරපීමට කටයුතු කරන බව ද එම නිවේදනය මඟින් දැනුම් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ.. මම උත්තර දුන්නොත් මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙනවා
00:54
Video thumbnail
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් නෑනේ - අනේ අර වයසක උන්දටත් නඩුනේ..කට්ටියගේ ලෙඩ වැඩිවෙලා
01:40
Video thumbnail
අනුරාධපුරට ලක්ෂ ගාණක් වෙන් කළා නේද.. කෝ ඒවා..?
02:07
Video thumbnail
නාමල්ගේ සගයන් කොටුව උසාවියට එයි
00:32
Video thumbnail
නාමල් කොටුව උසාවියට
00:27
Video thumbnail
නාමල්ද, වෙන මොන රාජපක්ෂද, වික්‍රමසිංහද ඒක අදාළ නෑ අපිට - වැරදි කරපු අයට අනිවාර්යෙන් දඬුවම්
03:20
Video thumbnail
නාමල් රාජපක්ෂ 23 වැනිදා දක්වා රිමාන්ඩ්
01:04
Video thumbnail
22 එරෙහිව 24වෙනිදා මුළු රටම එකතු කරනවා පාර්ලිමේන්තු වට රවුමට - දේශපාලනය ගෙනල්ලා මේක කඩන්න එපා
08:11
Video thumbnail
මහින්දගෙන් පාඩමක් ඉගෙනගන්න - තිස්සකුට්ටිට දුමින්ද උත්තර දෙයි
05:47
Video thumbnail
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ කළු විරෝධතාව
02:18