පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් සිදුකරන ලද වැටලීම්වල දී අත්අඩංගුවට ගෙන, බලපිටිය සහ හලාවත අධිකරණවල විභාග වූ නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් හෙට (27) දින ප්‍රසිද්ධියේ දහනය කර විනාශ කිරීමට නියමිතව බව පොලිසිය පවසනවා.
ඒ අනුව මෙම මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීම හෙට (27) උදෑසන 09.00 ට පුත්තලම, වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති විශේෂ දහන උඳුන තුළදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.
මෙහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 22යි ග්‍රෑම් 888ක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 33යි ග්‍රෑම් 172ක් සහ ගංජා කිලෝග්‍රෑම් 247යි ග්‍රෑම් 940ක් විනාශ කිරීමට නියමිතයි.
අදාළ මත්ද්‍රව්‍ය තොග හෙට (27) උදෑසන 05.00 ට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයෙන් ද, උදෑසන 07.30ට හලාවත මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයෙන් ද විශේෂ ආරක්ෂාවක් සහිතව දහන උඳුන වෙත රැගෙන ඒමට නියමිත බව පොලිසිය සඳහන් කළා.













