හෙට (03) දින දිවයිනේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග සුළං සහ අකුණු තත්වයක් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන නවතම වාර්තාවේ දැක්වෙනවා.
උතුරුමැද, වයඹ, මධ්‍යම, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හැකි බවටත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවටත් එම නිවේදනයේ සඳහන් වෙනවා.
දකුණු පළාහත් සහ අම්පාර දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීත් වැසි ඇති වියහැකි බවටත් වාර්තාවෙනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අන්තුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජන්තාවගෙන් ඉල්ලා සිටිනවා.
සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා
