වෙළෙඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගාමිණී කිත්සිරි ඩයස් අමරවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පුටු මිලදී ගැනීමේ දී අවම ලංසුව ඉදිරිපත් කළ සුදුසුකම්ලත් පෞද්ගලික සමාගම ප්‍රතික්ෂේප කර වෙනත් ආයතනයකින් පුටු මිලදී ගැනීම සම්බන්ධයෙනුයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ.

මෙම අක්‍රමිකතාව හරහා බාහිර පාර්ශ්වයකට අනිසි ලෙස වාසි සැලසීම සහ ඒ හේතුවෙන් රජයට රුපියල් 7,973,114.50ක මූල්‍ය පාඩුවක් සිදුකිරීම යන චෝදනා පදනම් කරගනිමින් අල්ලස් කොමිසම විසින් මොහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.