හදාවඩා ගැනීමට ගත් දරුවකු වසර 5ක් තිස්සේ අපයෝජනය කරලා

පියාට හදාවඩා ගැනීමට නොහැකිව අගහිඟකම් හේතුවෙන් වෙනත් පුද්ගලයකුට භාරදුන් පිරිමි දරුවකු කාලයක් තිස්සේ අපයෝජනය කළ පුද්ගලයෙක් ව තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම දරුවා 16 හැවිරිදි වියෙහි පසුවන අතර, ඔහුගේ මිතුරෙකුද අදාළ පුද්ගලයා විසින් අපයෝජනයට ලක්කිරීමට උත්සාහ දරා ඇත.

අපයෝජනයට ලක්වූ දරුවා පුත්තලම, මදුරන්කුලියේ පදිංචි ව සිටින විට මීට වසර 8කට පමණ පෙර ඔහුගේ මව පවුල හැරගොස් තිබිණ.

පසුව දරුවාව අධ්‍යාපනය ලබාදී හදා වඩා ගැනීම සඳහා තලවතුගොඩ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකුට පියා සිය මිතුරෙකුගේ අනුදැනුම අනුව එම පුද්ගලයට භාරදී ඇත.

ඒ අතර තවත් දරුවෙකු සොයාදෙන ලෙස තලවතුගොඩ පදිංචි පුද්ගලයා කළ ඉල්ලීම අනුව මදුරන්කුලියේ තම මිතුරෙකුගේ වයස අවුරුදු 14ක් වන තවත් පිරිමි දරුවෙක්ව එම පුද්ගලයාට භාරදීමට ඔවුන් කටයුතු කර තිබේ.

නමුත් එම දෙවනුවට භාරදුන් දරුවා එම පුද්ගලයාගෙන් මිදී පලාඒමට සමත්වී ඇත.

දෙවන දරුවා පැමිණීමට ප්‍රථම පළමුව භාර දුන් දරුවා තමන්ට විඳීමට සිදුවන ලිංගික රහසිගතව පටිගත කර දෙවැනි දරුවාගේ ජංගම දුරකථනයට යොමු කර තිබුණි.

දරුවාට සිදුවූ අතවරය පිළිබඳව දරුවාගේ පියා ඊයේ (15) තලංගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර, දරුවා සහ භාරකරු ඒ අනුව පොලිසියට කැඳවා ඇත.

ඒ අනුව වසර 5ක පමණ කාලයක් මෙම දරුවා රඳවා තබා ගනිමින් අපයෝජනය කළ බව පැවසෙන 50 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන අද කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට තලංගම පොලීසිය කටයුතු කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56