මෙරට සතු ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ඇමරිකාවේ ප්‍රදර්ශනයට සැරසෙයි

අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති ක්‍රි.පූ.1-2 සියවස්වලට අයත් නීලගිරි ස්ථූප කැණීමෙන් අනාවරණ කර ගත් ධාතුන් වහන්සේලා සහ තායිලන්ත රජයෙන් ප්‍රදානය කළ ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති කේශ ධාතූන් වහන්සේලා මෙන්ම මහියංගන රජමහා විහාරයේ තැනපත් කර ඇති සර්වඥ ධාතුන් වහන්සේලා ඇමරිකාවේ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සලසා දීමට රජය තීරණය කර තිබෙනවා.

එම භාවනා මධ්‍යස්ථානයේ පූජ්‍ය රතන ගුණ ස්වාමීන් වහන්සේ සහ පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ විසින් සිදුකළ ඉල්ලීමකට අනුවයි මෙම තීරණය ගෙන ඇත්තේ,

2026-05-02 දින සිට 2026-05-10 දින දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී මෙම ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ, අනුව එම සර්වඥ ධාතූන් වහන්සේලා ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානය වෙත වැඩම කරවීම සඳහාත්, එම සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනාමාන කිරීම සඳහා බැතිමතුන්ට අවස්ථාව ලබා දීම සඳහාත් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56