මත්පැන් කියා බැට්රි ඇසිඩ් බීලා

ලොරි රථයක බැටිරිය අක්‍රියවිම නිසා බැටිරි ඇසිඩ් මාරුකිරිමට පැමිණි තිදෙනකු සමග මත්පැන් පානය කරමින් සිටි ගරාජ් බාස්වරයකු වූ දෙදරු පියකු අත් වැරදිමකින් බැටරි ඇසිඩි පෙවිම මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මිය ගොස් ඇත්තේ ගාල්ල බටදුව පුර්වාරාම මාවතේ පදිංචි 53 හැවිරිදිවියේ පසුවන දෙදරු පියෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

ලොරි රථයේ බැටිරි ඇසිඩි මාරුකිරිම සදහා ලොරි රථයේ හිමිකරු තවත් දෙදෙනකු සමග මෙම ගරාජයට පැමිණ ඇත. මොවුන් නිතිවිරෝධි මත්පැන් බෝතලයක් හා ඇසිඩ් බොතල් 02ක් රැගෙනවිත් ඇත.

බැටිරිය චාජ්කිරිමේ උපකරණයට සවිකොට තිබියදි මොවුන් තිදෙනා ගරාජ්බාස්වරයා සමග මත්පැන් පානය කොට ඇත. නිතිවිරෝධි මත්පැන් හා බැටිරි ඇසිඩ් සෝඩා බෝතල්වල දමා රැගෙනවිත් ඇත. වැරදිමකින් මත්පැන් වෙනුවට බැටිරි ඇසිඩි පෙවි ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි ඇතැයි පොලිසිය කියයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?