AFC Banner
Empty Ad
Empty Ad

තවත් සති දෙකකට සංචරණ සීමා දීර්ඝ වෙයිද.?

පනවා ඇති සංචරණ සීමා කඩ කරන ප්‍රවණතාවක් දක්නට ලැබෙන බැවින් කොවිඩ් රෝග පාලනයට තවත් සති දෙකකින් පමණ සංචරණ සීමා දීර්ඝ කිරීමට සිදුවනු ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.

ගතවූ පැය 24 තුලදී පමණක් සංචරණ සීමා හා නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 1411 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගතවූ දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 2334 ක් වාර්තා වුණා.

ගෙවුනු දිනයේත් වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වුණේ කොළඹ ප්‍රදේශයෙන්.

ඒ ආසාදිතයන් 546 ක්.

සංචරණ සීමා සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මෙලෙස අදහස් පලකළා.

අලුතින් මතුවන රෝගීන් සංඛ්‍යාව පෙර වාර්තා වනවාට වඩා අඩුයි.

හැබැයි අපිට ඉලක්කම් දිහා විතරක් බලලා අවසාන නිගමනයකට එන්න බෑ සියළු දේ හරියට කළා කියලා.

එන්න එන්නම නීතිය කඩ කරමින් යනවානම් තවත් සතියකට හරි සති දෙකකට හරි මෙම සංචරණ සීමා දීර්ඝ කිරීම හැරෙන්න වෙන කරන්න දෙයක් නෑ..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?