දිවයිනට පැමිණි ඉන්දීය උප ජනපති, ජනාධිපති අනුර හමුවෙයි

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දියානු උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධාක්‍රිෂ්ණන්, ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තිබෙනවා.

එක්ස් සටහනක් තබමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම හමුව සිදුවූ බවයි.

මෙම හමුවේ දී දෙරට අතර මුල්බැසගෙන ඇති ඓතිහාසික සහ සංස්කෘතික වටිනාකම් පිළිබඳව ගැඹුරු ලෙස සාකච්ඡා කර ඇති අතර, දෙරට සහයෝගීතාව තවදුරටත් ශක්තිමක් කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී තිබෙනවා.

එමෙන්ම මෙරට තුළ ක්‍රියාත්මක කරන ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය සහ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 450 ක පැකේජය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති ඇතුළු විවිධ මුලපිරීම් කෙරෙහි ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !