නීති විරෝධි ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් 41දෙනෙක්ව, ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.
අත්අඩංගුවට ගත් පිරිස සමඟ ඩිංගි යාත්‍රා 11ක් සහ ට්‍රැක්ටර් රථ 2ක් ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා.
මෙම මාසයේ පළමුවනදා සිට පසුගිය 15 වෙනිදා දක්වා, ත්‍රිකුණාමලය චෙම්මලෙයි, චෙඩ්ඩිපලයාම්, එලිසබෙත් දූපත, ෆවුල් පොයින්ට්, ක්ලැපන්බර්ග් පොයින්ට්, උප්පුරාල්, නන්දිකඩාල් කලපුව, අලම්පිල්, අලියා දූපත, පුඩුවකට්ටු, පුත්තලම උච්චමුනෙයි සහ යාපනය කොමාර් පොයින්ට් වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි සිදුකළ මෙහෙයුම් මඟින් මෙම පිරිස අත්අඩංගුවට තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ අදාළ උපකරණ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලයන් වෙත සහ පුල්මුඩේ විශේෂ කාර්ය බලකාය වෙත භාරදී තිබෙනවා.













