නීතිය කඩකරමින් ධීවර කටයුතු කළ 41 දෙනෙක් අත්අඩංගුවට

නීති විරෝධි ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් 41දෙනෙක්ව, ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්ත‍මේන්තුව එක්ව සිදුකළ මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස සමඟ ඩිංගි යාත්‍රා 11ක් සහ ට්‍රැක්ටර් රථ 2ක් ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා.

මෙම මාසයේ පළමුවනදා සිට පසුගිය 15 වෙනිදා දක්වා, ත්‍රිකුණාමලය චෙම්මලෙයි, චෙඩ්ඩිපලයාම්, එලිස‍බෙත් දූපත, ෆවුල් පොයින්ට්, ක්ලැපන්බර්ග් පොයින්ට්, උප්පුරාල්, නන්දිකඩාල් කලපුව, අලම්පිල්, අලියා දූපත, පුඩුවකට්ටු, පුත්තලම උච්චමුනෙයි සහ යාපනය කොමාර් පොයින්ට් වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි සිදුකළ මෙහෙයුම් මඟින් මෙම පිරිස අත්අඩංගුවට තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ අදාළ උපකරණ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලයන් වෙත සහ පුල්මුඩේ විශේෂ කාර්ය බලකාය වෙත භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන් දේවාලයේ සුවිශේෂී රාජකාරියක් ප්‍රථම වතාවට මාධ්‍යයට නිරාවරණය කරයි
03:35
Video thumbnail
ලොරියකට උපමා කරලා ආණ්ඩුවේ ගමන ගැන සැරටම කිව්ව ලාල්කාන්ත - අපි ඕවර්ටේක් කරමින් ඉන්නේ
03:17
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට පඩි දෙන්නේ මහ ජනතාව නෙවෙයි..එහෙම බම්බුවක් නෑ - ළඟදිම ආයේ පඩි වැඩිවෙනවා
05:24
Video thumbnail
කන්කසන්තුරය බලා ගිය රාත්‍රී තැපැල් දුම්රිය පීලි පනී
01:16
Video thumbnail
කන්කසන්තුරය බලා ගිය රාත්‍රී තැපැල් දුම්රිය පීලි පනී - දුම්රිය ධාවනයට බාධා
01:46
Video thumbnail
රාජපක්ෂලට තියෙන නඩු අවසන් කරන හැටි නාමල් හෙළිකරයි - මේ ආණ්ඩුවේම නඩු අහන්න ඕනි
04:42
Video thumbnail
ආර්ථිකය ගොඩදාන හැටි කියන නාමල් - මම ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි..ලෝකය අපි එනකල් ඉන්නේ නෑ
12:00
Video thumbnail
විදේශගතවෙලා ඉන්න ලාංකිකයින්ට වාසියක් - මෙන්න ජනපති අමාත්‍යාංශයට දුන් උපදෙස්
03:25
Video thumbnail
ජීවිතයම තම පුතා වෙනුවෙන් කැප කළ අසරණ මවගේ කඳුළු කතාව - අවු: 35ක් මෙහෙම මගේ පුතාව ජීවත් කළේ
07:13
Video thumbnail
හිටපු ක්‍රීඩා අමාත්‍යය රොෂාන්, යුපුන් වෙනුවෙන් පෙරට එයි - මම මැදිහත්වෙලා ලක්ෂ 50 දුන්නා යුපුන්ට
08:03