තමා විසින් ඉදිරිපත් කරන ලද වත්කම් හා බැරකම් ප්‍රකාශය භාවිතා කරමින් සහ එය වැරදි ලෙස අර්ථ නිරූපණය කරමින් පසුගිය 16 වැනිදා හෝ ඒ ආසන්න දිනයකදී ප්‍රවෘත්ති ප්‍රකාශය මගින් අසත්‍යවුත්. ද්වේශ සහගතවුත් ප්‍රවෘත්තියක් පළකර ඇති බව පවසමින් අමාත්‍ය කේ.ඩි. ලාල්කාන්ත විසින් මාධ්‍ය ආයතනයක් වෙත එන්තරවාසියක් යොමුකර තිබෙනවා.
අදාළ එන්තරවාසිය මඟින් පෙන්වා දී ඇත්තේ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද වත්කම් බැරකම් ප්‍රකාශයේ අඩංගු කරුණු විකෘති කරමින් පළකර ඇති බවයි.
එමෙන්මඅමාත්‍යවරයා ප්‍රකාශකර ඇති ”වත්කම්වල මුළු දළ වටිනාකම රුපියල් 46 කෝටිය ඉක්මවන ” බවට අදාළ මාධ්‍ය ආයතනය විසින් ගණනය කර ප්‍රකාශ කර ඇති කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍ය වන බවත් අදාළ එන්තරවාසියේ සඳහන්.
ඒ අනුව අදාළ මාධ්‍ය ආයතනය විසින් සිදු කරන ලද පළ කිරීම හේතුවෙන් අමාත්‍යවරයාගේගේ කීර්ති නාමයට සිදු වූ හානිය රුපියල් බිලියන 10කට තක්සේරු කර ඇති බවත්, එන්තරවාසිය ලැබී දින හතක් ඇතුළත එම මුදල ගෙවන ලෙසත් අමාත්‍ය ලාල්කාන්තගේ නීතිඥයවරයා දැනුම් දී තිබෙනවා.














එතරම් වටිනා කීර්ති නාමයක් එතුමට තියෙනවද?
ඔව්. ඔහු මංත්‍රීවරයෙක් සහ ඇමතිවරයෙන් විදියට වසර ගණනාවක් පුරා සක්‍රිය දේශපාලනයේ යෙදී සිටින කෙනෙක්. ඒ වගේම ලෝකයම දන්නා චරිතයක්. ඔයා කීර්ති නාමයක් කියලා හිතන් ඉන්නෙ මොකක්ද?
ලාල්කාන්තකගෙන්..???? ඒ මොකක්ද..?
ලාල්කාන්තගෙන්.. විය යුතුයි. හරියට ලියන්න.