බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීම සහ බදු වංචා කිරීම සම්බන්ධ චෝදනාවලට වරද පිළිගන්නා බව හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
කොළඹ පෞද්ගලික හෝටලයක් තුළ අතහැර දමා තිබියදී සොයාගත් එම මෝටර් රථය සම්බන්ධයෙන් නීතිඥවරුන් මාර්ගයෙන් ඔහු අධිකරණයට කරුණු දැනුම් දුන් බවයි වාර්තා වන්නේ.
