‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහනේ 2026 වර්ෂය සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම සහ පසුගිය වර්ෂයේ ප්‍රගතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (17) පෙරවරුවේ පැවැත්වුණා.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහන යටතේ 2026 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති ජනතාවට වඩාත් සමීප වන අයුරින් සංවිධානය විය යුතු ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වුණා.
හුදෙක් රාජ්‍ය ව්‍යාපෘතියකට පමණක් සීමා නොවී, මහජනතාවට වඩාත් සමීප ව්‍යාපෘති තුළින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහන තවදුරටත් ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් මෙහිදී අවධාරණය කරන ලැබුවා.
තවද පසුගිය වසරේ ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කරන ලද අතර ඉදිරි වර්ෂය සඳහා වන ඉලක්ක සපුරා ගැනීම සඳහා අදාළ පාර්ශව සම්බන්ධ කරගනිමින් කටයුතු කරන ආකාරය පිළිබඳවද නිලධාරීන් කරුණු පැහැදිලි කළා.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ කැඳවුම්කරු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, අතිරේක ලේකම් එස්.පී.සී සුගීශ්වර , ක්ලීන් ශ්‍රී ලංකා කාර්ය සාධන බලකායේ සාමාජිකයෝ සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.













