‘ක්ලීන් ශ්‍රී ලංකා’ 2026 සැලැස්ම ජනපති ප්‍රධානත්වයෙන් සමාලෝචනය කෙරේ

‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහනේ 2026 වර්ෂය සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම සහ පසුගිය වර්ෂයේ ප්‍රගතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (17) පෙරවරුවේ පැවැත්වුණා.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහන යටතේ 2026 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති ජනතාවට වඩාත් සමීප වන අයුරින් සංවිධානය විය යුතු ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වුණා.

හුදෙක් රාජ්‍ය ව්‍යාපෘතියකට පමණක් සීමා නොවී, මහජනතාවට වඩාත් සමීප ව්‍යාපෘති තුළින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහන තවදුරටත් ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් මෙහිදී අවධාරණය කරන ලැබුවා.

තවද පසුගිය වසරේ ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කරන ලද අතර ඉදිරි වර්ෂය සඳහා වන ඉලක්ක සපුරා ගැනීම සඳහා අදාළ පාර්ශව සම්බන්ධ කරගනිමින් කටයුතු කරන ආකාරය පිළිබඳවද නිලධාරීන් කරුණු පැහැදිලි කළා.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ කැඳවුම්කරු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, අතිරේක ලේකම් එස්.පී.සී සුගීශ්වර , ක්ලීන් ශ්‍රී ලංකා කාර්ය සාධන බලකායේ සාමාජිකයෝ සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11