අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 14වන ලියෝ පාප් වහන්සේට විරුද්ධව පසුගිය දින කිහිපයේ දී ප්‍රකශ කිහිපයක් නිකුත් කරනු ලැබුවා.
එවන් තත්ත්වයක් මත ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 14වන ලියෝ පාප් වහන්සේ ඉලක්ක කර ගනිමින් තවත් සටහනක් සිය TruthSocial සමාජ මාධ්‍ය ගිණුමට එක්කර තිබුණා.
එම සටහන මඟින් ට්‍රම්ප් විසින් පෙන්වා දී ඇත්තේ ඉරානය විසින් පසුගිය මාස දෙක තුළ සිවිල් වැසියන් 42,000ක් පමණ ඝාතනය කර ඇති බවයි.
එමෙන්ම මේ සම්බන්ධයෙන් කවුරුන් විසින් හෝ 14වන ලියෝ පාප් වහන්සේට දැනුම්දෙන ලෙසත් ට්‍රම්ප් සිය සටහනේ සඳහන් කර තිබුණා.
”කරුණාකර කවුරුන් හෝ පාප් ලියෝට කියයි ද, පසුගිය මාස දෙක තුළ ඉරානය අවම වශයෙන් අහිංසක, සම්පූර්ණයෙන්ම නිරායුධ, විරෝධතාකරුවන් 42,000 ක් මරා දමා ඇති බවත්, ඉරානයට න්‍යෂ්ටික බෝම්බයක් තිබීම කිසිසේත්ම පිළිගත නොහැකි බවත්” යනුවෙන් ඔහුගේ සටහනේ සඳහන්.













