ඉරානය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි පැවති සාකච්ඡා එකඟතාවයකින් තොරව පසුගිය දා අවසන් වුණා.
කෙසේ වෙතත් දෙපාර්ශ්වය අතර තවත් සාකච්ඡා වටයක් සඳහා අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඒ අනුව එළඹෙන බ්‍රහස්පතින්දා (16) දින දෙපාර්ශ්වයම අතර දෙවන වටයේ සාකච්ඡා පැවැත්විය හැකි බවට එක්සත් ජනපද නිලධාරීන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
5
+1
1
+1
+1
+1













