දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන කෘෂිකර්මාන්තයක් ගැන සජිත් ප්‍රශ්න කරයි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවීකරණය කිරීම සඳහා ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතිය ලබන දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වීමට නියමිත බවත්, එය අසම්පූර්ණ ව්‍යාපෘතියක් බවට පත්වීමේ අවදානමක් පවතින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දෙනවා.

ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ පැවති ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ කාරක සභා රැස්වීමේදී අදහස් දක්වමින්.

එම ව්‍යාපෘතිය වර්තමානයේ රට තුළ පවතින මූල්‍ය තත්ත්වය මත මුදල් ලබා ගැනීමට ක්‍රියාත්මක විය යුතු ව්‍යාපෘතියක් සහ ආයෝජනයක් බවත් විපක්ෂ නායකවරයා පවසා සිටියා.

මෑතකදී මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුව වැනි තත්ත්වයන් මත පදනම්ව ලෝක බැංකුව වෙත මේ සම්බන්ධයෙන් ලිඛිතව ඉල්ලීම් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම ‘එල් නිනෝ’ සහ ‘ලා නිනා’ යන කාලගුණ තත්ත්වයන් මත මෙරට ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ගැටලුවක් මතුවනවාද යන්න පිළිබද අවදානය යොමුකළ විපක්ෂ නායකවරයා දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන කෘෂිකර්මාන්තයක් සඳහා වැඩපිළිවෙළක් සහ ගොවීන්ට නියමිත වේලාවට නව තොරතුරු ලබාදීමේ ක්‍රමවේදයක් පවතීද යන්න පිළිබද ප්‍රශ්න මතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිර්මාණ ශිල්පීන්ට අයිතිය තියෙනවා මුදල තීරණය කරන්න - ලක්ෂ 5ක් කිව්වත් දෙන්න ඕනි
16:53
Video thumbnail
හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ මූලිකත්වයෙන් පැවැත්වූ 67වන බණ්ඩාරනායක ගුණ සැමරුම
03:15
Video thumbnail
රටේ ගොඩක් පන්සල් අද ආර්ථික මධ්‍යස්ථාන..ධනය හූරගෙන කනවා - පන්සල්වල තරම් බිස්නස් වෙන්නේ නෑ කොහෙවත්
06:39
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51