සිංගිමලේ රක්ෂිතයේ අතරමං වූ විදෙස් තරුණියක් නිරුපද්‍රිතව බේරාගැනේ

හැටන් – සිංගිමලේ රක්ෂිතයේ කඳු මුදුනේ අතරමංව සිටි නෙදර්ලන්ත තරුණියක් හැටන් පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් නිරුපද්‍රිතව බේරාගෙන තිබෙනවා.

ලූනා ටූගට් නැමති නෙදර්ලන්ත ජාතික 20 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් මෙලෙස බේරාගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඇය එම විශ්වවිද්‍යාලයේම තවත් සිසුන් පිරිසක් සමඟ මෙරටට පැමිණ රුහුණු විශ්වවිද්‍යාලයට අනුබද්ධව අධ්‍යාපනය බලමින් සිටින අතරතුර ඇයගේ මිතුරන් කිහිපදෙනෙකු සමඟ පර්යේෂණ කටයුත්තක් සඳහා පසුගියදා හැටන් සිංගිමලේ කඳු මුදුන තරණය කර තිබෙනවා.

ඊයේ (06) උදෑසන කඳු මුදුන නැරඹීමට යන බව පවසා ඇය රක්ෂිතය තුළට ගොස් ඇති අතර, එහිදී ඇයට ආපසු පැමිණීමට මාර්ගය සොයා ගැනීමට නොහැකිවී අතරමං වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පසුව ඇය විසින් අදාළ නිලධාරීන්ට මේ පිළිබඳව දැනුම්වත් කිරීමෙන් පසු, ඔවුන් හැටන් පොලීසිය සමඟ එක්ව තරුණිය සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබුණා.

ඒ, අනුව හැටන් පොලීසියේ අපරධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් දැඩි පරිශ්‍රමයක් දරා සිංගිමලේ රක්ෂිතයේ අතරමංව සිටි එම විදෙස් ජාතික තරුණිය සොයාගෙන තිබෙනවා.

පසුව ඇයට රක්ෂිතය තුළදීම ආහාරපාන ලබා දී හැටන් පොලීසිය වෙත රැගෙන ඒමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !