එක්සත් ජනපදය, ඉරානය සහ කලාපීය මැදිහත්කරුවන් යුද්ධය ස්ථිර ලෙස අවසන් කිරීමට හේතු විය හැකි අදියර දෙකක ගිවිසුමක කොටසක් ලෙස දින 45 ක සටන් විරාමයක් පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව විදෙස් මාෂ්‍ය වාර්තා කරනවා.
මෙම සටන්විරාම යෝජනාවලිය පාකිස්ථානයේ මැදිහත්වීමෙන් සකස් කර දෙරටට ඉදිරිපත් කර ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනේ.
පාකිස්ථාන හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාෂල් අසීම් මුනීර්, එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්, විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි සමඟ මේ පිළිබඳව අදහස් හුවමාරු වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
7
+1
+1
+1
+1
1













