වැලිගම දී සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ මහමොළකරු මෙන්න

වැලිගම දී අත්අඩංගුවට ගත් කිලෝග්‍රෑම් 220කට ආසන්න හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධ ජාවාරම මෙහෙය වූ ප්‍රධාන පුද්ගලයාව මේ වනවිට නිසැකවම අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඔහු ඩුබායි හි සිටින නඳුන් චින්තක හෙවත් හරක් කටා නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බවය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි  සැකකරුවන් 11 දෙනා ඊයේ (14) දිනයේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක කාලයක් රඳවා තබා ගනිමින් ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන තිබේ.

මෙම සැකකරුවන් 11 දෙනාට අමතරව අදාළ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (14) රාත්‍රියේ දී කෝට්ටේගොඩ සහ දික්වැල්ල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් දෙදෙනා මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ආධාර හා අනුබල දුන් අය බවට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ප්‍රධාන ධීවර බෝට්ටුවේ ධීවරයින් අතරට පුද්ගලයින් යෙදවීම සහ ඒ සඳහා මුදල් යෙදවීම ඔවුන්ට එල්ලවී ඇති චෝදනා වෙයි.

එම පුද්ගලයින් දෙදෙනා සම්බන්ධයෙන් ද රඳවා තබා ගැනීමේ නියෝගයක් ලබා ගනිමින් ප්‍රශ්න කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක බළකාය විසින් මීට දින දෙකකට පෙර එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.

පසුව එම මත්ද්‍රව්‍ය සහ අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 11 දෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට පියවර ගැනුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08