ඉන්ධන නිකුත් කිරීමට අදාළ QR කේතය අද (21) මධ්‍යම රාත්‍රියෙන් පසු යාවත්කාලීන කෙරෙනවා.
ඒ, අනුව ඉරිදා දිනයේ සිට ඉදිරි සතිය සඳහා යාවත්කාලීන කෙරුණු QR කේතය යටතේ ඉන්ධන ලබා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව පවතිනවා.
අද (21) දිනයේ දී ඉන්ධන පිරවුම්හල් මඟින් වාහන අංක තහඩුවේ අවසන් අංකය ඔත්තේ අගයන් සඳහන් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සිදු කෙරෙනවා.
මේ අතර අද (21) දිනයේ දී ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම සිදුනොකරන බවයි ඛනිජ තෙල් සංස්ථාව නීතිගත පැවසුවේ.
කෙසේ වෙතත් යම් ඉන්ධන පිරවුම්හලකින් ඇනවුමක් ලැබුණ හොත් එම ඇනවුම් සඳහා ඉන්ධන බෙදාහැරීමට නියමිත බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළේ.
මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමේ වැඩි අවස්ථාවක් පවතින බව ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසනවා.
ඔහු පැවසුවේ අද (21) දිනයේ දී හෝ හෙට (22) රජය විසින් ඉන්ධන මිල ඉහළ දමනු ඇති බවයි.













