ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සෑම සිය දෙනෙකුගෙන්ම 1ක් කොවිඩ් ආසාදිතයෙක්

මෙරට ජනගහනයෙන් මිලියනයකට වාර්තා වන කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව අද වනවිට 10,293 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මෙරට ජනගහනයෙන් සෑම පුද්ගලයින් 100 දෙනෙකුගෙන් එක් අයෙකු කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇතැයි ලොව පුරා කොවිඩ් දත්ත යාවත්කාලීන කරන වර්ල්ඩොමීටර් වෙබ් අඩවිය පෙන්වා දෙයි.

එමෙන්ම හඳුනාගත් එම ආසාදිතයින් අතරින් මරණයට පත්ව ඇති ගණන 1% කට ආසන්නය.

සංචරණ සීමා කර ඇති පසුබිමක පසුගිය දින 07 ක් තුළ එනම් ජුනි 6 සිට ජුනි 12  වැනිදා දක්වා කාලය තුළ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 18,920කි.

එය මැයි 30 වැනිදා සිට ජුනි 05 දක්වා වූ ගෙවුණු පෙර සතියට සාපේක්ෂව 13% ක අඩුවීමකි.

කෙසේවෙතත් පෙර සතියට සාපේක්ෂව ගෙවුණු සතියේ මරණ සංඛ්‍යාව 51% කින් ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.

එමෙන්ම තවමත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටින සක්‍රිය ආසාදිතයින් සංඛ්‍යාව 30,000 ඉක්මවා තිබේ.

ලෝක ජනගහනයෙන් මිලියනයකට වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 22,633කි.

එම ගණනට ඉහළින් ආසාදිතයින් වර්තා වු රටවල් හෝ කලාප සංඛ්‍යාව104ක්.

අමෙරිකාව ඇතුළු ලොව රටවල් 15 වක සෑම පුද්ගලයන් දස දෙනෙක්ගෙන්ම එක් පුද්ගලයකු කොවිඩි ආසාදිතයන් ලෙස මේ වනවිට වර්තා වී ඇති අතර අමෙරිකාවේ ජනගහනයෙන් මිලියනයකට වාර්තාවන කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 103,100 කි. 

එන්නත්කරණය හරහා කොවිඩි හොඳින් පාලනය කළ බව කියන ඊශ්‍රායලය ඇතුළු තවත් රටවල් සිය ගණනක එම අගය පුද්ගලයන් දහයෙන් එකක් දක්වා ආසන්න වී තිබීම ද විශේෂත්වයකි. 

එමෙන්ම ලොව වැඩිම මරණ අනුපාතය වර්තා වන්නේ පේරු රාජයෙනි.

එය එරට ජනගහනයෙන් මිලියනයකට මරණ 5,641ක් වන අතර එරටින් වර්තා වු සමස්ත ආසාදිතයන් අතරින් දස දෙනෙක්ගෙන් එක් අයකු ජිවීතක්ෂයට පත්ව තිබීම ද විශේෂත්වයකි.

නමුත් කොවිඩ් වසංගතය හොඳින්ම පාලනය කළ රටවල් වන චිනය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල් කිහිපයක පමණක් ආසාදිතයින් සහ මරණ අගය පහළ මට්ටමක තවමත් පවතී.

මේ අනුව ලොව බොහෝ රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ තවමත් හොඳ කොවිඩ් පාලන තත්වයක් පවතින අතර එය ලෝක මට්ටමට පහළ අගයකි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38
Video thumbnail
සජිත්ට මිනිස්සුන්ගෙන් ලැබුණු ආදරය - කට්ටිය බදාගයි..වීරවිල චෛත්‍යයකට මුල් ගල් තැබීමට ගිය සජිත්
03:22
Video thumbnail
වී මිල මදියි කියලා ලාල් කාන්තම පිළිගනී
07:47
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ලාල් කාන්තගේ අතින් ඇරඹේ
01:08
Video thumbnail
ලක්ෂ 10ක් විතර වියදම් කළා - මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ
03:48
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි - වෙන මොකුත් එපා, වතුර තමයි ඕනේ
01:08
Video thumbnail
ගැස්ට්‍රයිටීස් රෝගයට හොඳම බෙහෙත - රාජපුර පංචබල අමෘත පානය
04:16
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට
01:03
Video thumbnail
අශ්වබල 85ට වඩා වැඩි බෝට්ටු ග්‍රෙගරි වැවෙන් ඉවත් කිරිමට තීරණයක්..යුද්දයකට යනවා වගේ බෝට්ටු යන්නේ
04:31
Video thumbnail
අගවිනිසුරුතුමාට මඩ ගහන එක අපි තරයේ හෙළා දකිනවා
03:09