ඉන්ධන මිල ගැන කඩිනමින් තීරණයක් ගත යුතුයි – ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි (වීඩියෝ)

එක ඩොලරයකින් ඉන්ධන මිල ඉහළ ගියහොත් මෙරට වෙළඳපොළේ ඉන්ධන මිල රුපියල් දෙකකින් ඉහළ යෑමක් සිදුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

පාර්ලිමේන්තුවේ දී අද (20) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ අතර ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම සහ අනෙකුත් රටවල්වල ඉන්ධන මිල ගණන් ඉහළ යාම හමුවේ මෙරට ඉන්ධන මිල සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කිරීමක් ද සිදුකළා.

එහිදී ජනාධිපතිවරයා පවසා සිටියේ මෙරට ඉන්ධන අවශ්‍යතාවෙන් 57%ක් තෙල් සංස්ථාව විසින් සහ පෞද්ගලික අංශය මඟින් 43%ක් සපුන බවයි.

ඒ, අනුව පෞද්ගලික අංශය විසින් මෙරට රැගෙන එනු ලබන ඉන්ධන සඳහා මේ මොහෙතේ පවතින මිල ගණන් ඉල්ලා ඇති බවත්, ඒ අනුව ඉන්ධන මිල සම්බන්ධව කඩිනමින් තීරණයක් ගත යුතුව ඇති බවත් වැඩිදුරටත් සඳහන් කර සිටියා.

“ඔවුන් කියන්නේ මොකක්ද ඔවුන් කියන්නේ මේ මොහොතේ ගේන තෙල්වලට මේ මොහොතේ තිබෙන මිල දෙන්නේ නැත්නම් අපි ගේන්නේ නෑ කියලා. ඒක සාධාරණයි. ඔවුන්ගේ ගණනය අනුව එක නැවකින් ඔවුන්ට පාඩු වෙනවා ඩොලර් මිලියන 55ක්. එහෙම පාඩු වෙන්න කවුරුත් තෙල් ගෙන්නේ නෑ. මේ ඉන්ධන සැපයුම්වලට පෞද්ගලික අංශයේ දායකත්වය අවශ්‍යයි. හැබැයි ඔවුන් දායකත්වය ලබා දෙන්නේ ඔවුන්ගේ කොස්ට් එකට අනුව විකුණගන්න ලැබුණොත් විතරයි. ඉන්ධන මිල පිළිබඳව අපි ඉතා ඉක්මනින් සැලකිල්ලට ලක් කළ යුතුයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
8
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන ප්‍රශ්නයෙන් රෝහලුත් වැසෙයිද ?..ඉදිරි පැය 48ක කාලය ඉතාම තීරණාත්මකයි
09:31
Video thumbnail
අපිට දොස් කියලා වැඩක් නෑ - රට භාරගත්තා නම් වැඩ කරන්න
02:23
Video thumbnail
වේදනයි වේදනයි ඇත්ත කියනකොට - සමන්ත විපක්ෂයට කටඋත්තර නැතිවෙන්නම දෙයි
04:02
Video thumbnail
මහින්දව නිදොස්කොට නිදහස් කරන්න අපි ධර්මයුද්ධයක් කරනවා
05:36
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුර අපේ එකා කෙ#න විදිය තමයි මේක
10:10
Video thumbnail
කාටල් නිසා ජනපතිට යකා නගියි..කාටලය නොකැඩුවානම් අද ගෑසුත් නෑ
04:08
Video thumbnail
නාමල් 2029යේ ජනාධිපති වෙයි කියලා ආණ්ඩුව බයයි
09:09
Video thumbnail
මනුස්සකමට හොඳම උදාහරණය දුන් මිරිස්වත්තේ පුවත.."ඔක්කොම සල්ලි හරිනේ..ඔන්න මං ගෙනත්ම දුන්නා"
06:55
Video thumbnail
මහින්ද රාජපක්ෂට අපහාස කරලා ආණ්ඩුව වැරදි තැනට අත තිබ්බේ
07:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාව නිසා සජිත්ට රතු කට්ට පනී
06:25